මොනරාගල සිරිගල රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා අවශ්‍ය වන අක්ෂි කාච (Intraocular Lenses) දැඩි ලෙස හිඟ වීම හේතුවෙන් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත රෝගීන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. රෝගීන් දිගින් දිගටම අක්ෂි සායන වෙත පැමිණියද, “තාම කාච ආවේ නෑ” යන පිළිතුර රෝහලෙන් දිගින් දිගටම ලැබෙන බව වාර්තා වේ. මෙම ප්‍රදේශයේ ජීවත් වන බහුතරයක් ජනතාව අඩු ආදායම්ලාභීන් වන බැවින්, පෞද්ගලික අංශයෙන් විශාල මුදලක් ගෙවා කාච මිලදී ගැනීමට ඔවුන්ට වත්කමක් නැත. මේ හේතුවෙන් රෝගීන්ට කඩිනමින් අවශ්‍ය අක්ෂි කාච ලබාදීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.














