විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සම්පූර්ණයෙන්ම වළක්වා ගනිමින්, නියමිත වේලාවට විශ්‍රාම වැවටුප ලබාගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ මාර්ගගත (Online) උපදේශන සැසි මාලාවක් හෙට (09) සිට ආරම්භ කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඉදිරි මාස 6 ඇතුළත විශ්‍රාම ගැනීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
මෙහි පළමු සැසිය හෙට (09) පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) ඔස්සේ පැවැත්වෙන අතර, විශ්‍රාම වැටුප් අයදුම්පත්‍ර නිවැරදිව පුරවන ආකාරය සහ අවශ්‍ය ලියකියවිලි කල්තියා සූදානම් කරගන්නා ආකාරය පිළිබඳව මෙහිදී නිලධාරීන්ට පුළුල් අවබෝධයක් ලබාදීමට නියමිතය. මීට අමතරව නිලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී මෙහි දෙමළ මාධ්‍ය සැසියක් ද පැවැත්වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
හෙට සැසියට සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු:
Meeting ID: 466 100 162 633
Passcode: yH6Zb9BL
සම්බන්ධ වීමේ සබැඳිය: https://teams.microsoft.com/meet/46610016263306…














