මහනුවර දිගන වික්ටෝරියා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්ගේ සංගමයේ (PGTSL) මංගල තරඟාවලිය වන E-Wis ශූරතාවලිය, ජූලි 7 වන දින ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. දිවයිනේ දක්ෂතම ගොල්ෆ් ක්‍රීඩකයින් 41 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තෙදින තරඟාවලියේ පළමු දිනය අවසානයේ අතිවිශිෂ්ට දක්ෂතා වාර්තා විය.
තරඟාවලියේ පළමු දින දක්ෂතා
එන්. තන්ගරාජා ලකුණු 65ක් ලබා ගනිමින් තරඟාවලියේ ප්‍රමුඛස්ථානය හිමිකර ගත්තේය.
චලිත පුෂ්පික ලකුණු 71ක් වාර්තා කරමින් දෙවන ස්ථානයට පත්විය.
අනුර රෝහණ, ප්‍රියා හේමන්ත සහ චානක පෙරේරා ලකුණු 73 බැගින් ලබා ගනිමින් තෙවන ස්ථානය සමව බෙදා ගත්හ.
මෙම තරඟාවලියේ නිල මාධ්‍ය සහකරු ලෙස TTV Media කටයුතු කරයි.
තරඟාවලියේ සජීවී ලකුණු පුවරුව සහ යාවත්කාලීන කිරීම්
https://pgtofsrilanka.com/ නිල වෙබ් අඩවිය ඔස්සේ
ක්‍රීඩා ලෝලීන්ට නැරඹිය හැකිය.
















