හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (08) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ, ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රධාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව මතය.
ඉකුත් ජුනි 29 වන දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එමෙන්ම, සැකකරුවන්ට එරෙහිව ප්රමාණවත් කරුණු පවතින්නේ නම් කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්රාත්වරයා එහිදී දන්වා තිබුණි.
















