ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තා අනුව, වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් ඇත.එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835ක් දක්වා වර්ධනය වී ඇති බවයි. ජූලි මාසයේ දින කිහිපය තුළ පමණක් රෝගීන් 8,450ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදීත් විශේෂ මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















