මහා භාණ්ඩාගාරය විසින් ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව සොයාගත් ටෙරා බයිට් 16ක පරිගණක දත්ත අඩංගු දෘඪ තැටි වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවත්, ඊට අදාළ වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත්ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබා දුන්නේය.
















