ඉන්දුනීසියාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර අගයමින්, ඉන්දුනීසියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය වන ‘Bintang Adipura’ පදක්කමෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිදුම් ලබා තිබේ. ඊයේ පැවැති විශේෂ උත්සවයකදී ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ මහතා විසින් අග්‍රාමාත්‍ය මෝදි වෙත මෙම පදක්කම පිරිනමන ලදී.මෙම උපහාරය සම්බන්ධයෙන් සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, මෙය ඉන්දීය ජනතාවට සහ දෙරට අතර පවතින ඓතිහාසික මෙන්ම සමීප සබඳතාවලට හිමිවන්නක් බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ද පවසා ඇත්තේ මෙම සම්මානය ඉන්දු-ඉන්දුනීසියානු මිත්‍රත්වයට පිදුණු සුවිශේෂී උපහාරයක් වන බවයි.















