රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ආබාධිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කරන ‘සරසවි දිරියෝ අභිමන්’ ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය එළඹෙන සෙනසුරාදා (ජූලි 11) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක එක්දින ශිෂ්‍යත්ව ආධාරයක් පිරිනැමෙන අතර, පළමු අදියරේදී සිසුන් 254 දෙනෙකුට මෙම ප්‍රතිලාභ හිමිවීමට නියමිතය. මුළු සිසුන් 400කට ආසන්න පිරිසකට මෙයින් සහන සැලසෙන අතර, කොළඹට පැමිණීමට අපහසු උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සිසුන් වෙනුවෙන් ලබන අගෝස්තු මාසයේදී වෙනම උත්සවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
















