තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර, යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශාල වැරදීමක් සිදුකර තිබේ. එහිදී ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධති ගැන කතා කරමින් ට්‍රම්ප් කියා සිටියේ, “ජපාන ඉස්ලාමීය ජනරජය” විසින් ඇමෙරිකාවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ යුද නෞකාවට මිසයිල 111ක් එල්ල කළ බවයි. ට්‍රම්ප් ඇත්ත වශයෙන්ම මෙහිදී අදහස් කර ඇත්තේ ඇමෙරිකාවේ දැඩි සතුරෙකු වන ඉරානය ගැන වුවත්, කතාව මධ්‍යයේ ඔහුට ඉරානය වෙනුවට ඇමෙරිකාවේ සමීපතම මිතුරෙකු වන ජපානයේ නම කියවී ඇත. ඉරානය සමඟ ඇති කරගෙන තිබූ සටන්විරාමය අවසන් බව පවසමින් ට්‍රම්ප් දැඩි හමුදාමය අනතුරු ඇඟවීම් කරන අතරතුර සිදු වූ මෙම පටලැවිල්ල මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.
















