පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පර්යේෂණ සම්මේලනය අද (ජූලි 09) පෙරවරු 8.30 සිට පැවැත්වේ.
මෙම සම්මේලනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. පශ්චාත් උපාධි සිසුන්ට, පර්යේෂකයන්ට සහ ශාස්ත්‍රඥයන්ට සිය පර්යේෂණ කෘති ඉදිරිපත් කිරීමටත්, අර්ථවත් ශාස්ත්‍රීය සංවාදවල නිරත වෙමින් අන්තර් විෂය සහයෝගීතා ඇති කර ගැනීමටත් මෙමගින් සුවිශේෂී වේදිකාවක් සැපයේ.
මෙවර සම්මේලනය සඳහා තෝරාගෙන ඇති තේමාව හරහා වර්තමාන ගෝලීය පරිවර්තනයන්හි තීරණාත්මක මානයන් තුනක් වන සමාජ සාධාරණත්වය, ගෝලීය යහපැවැත්ම සහ පාරිසරික වෙනස්කම්වල සංකීර්ණතා පිළිබඳ ගැඹුරින් ගවේෂණය කිරීමට පර්යේෂකයන්ට ආරාධනා කර ඇත.
















