සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Light Rail Transit – LRT) ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව, එහි අධික පිරිවැය සහ එය භාවිතා කරන මගීන් සංඛ්‍යාව සීමිත වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ආර්ථික වශයෙන් ශක්‍ය නොවන බව තීරණය කර ඇත.
එම ව්‍යාපෘතිය වෙනුවට ආර්ථික වශයෙන් වඩාත් වාසිදායක ‘මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය’ වැනි විකල්ප ව්‍යාපෘති කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















