ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළ නඩුවේදී වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, එම නඩුවෙන් නියම වූ රුපියල් ලක්ෂ 100ක (රුපියල් කෝටියක) වන්දි මුදල ලබන 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කරන ලෙස අධිකරණය නියම කර ඇත. මෙම වන්දි මුදල නියමිත කාලය තුළ ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට වසර 9ක සිර දඬුවමක් නියම වනු ඇත.
















