තලවකැලේ – ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර අද (09) ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.
මෙම ගැටුම කඳුරට ජනතා පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරයෙකු අතර හටගෙන ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව දෙකෙන්ම තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
















