නුවරඑළිය පොලිස් ස්ථානය අසල සහ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික වෙළඳාම් සිදු කිරීම සඳහා විශේෂ සහන කාලයක් යටතේ ලබා දී තිබූ අවසරය අදින් (09) අවසන් වන බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි.
ඒ අනුව, නගරයේ පවතින අනවසර වීදි සහ පදික වෙළඳාම් සියල්ල ඉවත් කිරීම සඳහා කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට නගර සභාවට හැකියාව ලැබෙනු ඇත.
මේ අතර, පදික වෙළඳාම් ඉවත් කිරීම හේතුවෙන් අගතියට පත්වන වෙළඳුන් සඳහා විකල්ප විසඳුමක් හෝ සුදුසු ස්ථානයක් ලබා දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා විසින් නුවරඑළිය මහ නගර සභාවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
















