බේරේ වැව පිරිසිදු කර යළි අලංකාර කිරීම සඳහා කඩිනම් සහ දිගුකාලීන විසඳුම් ඇතුළත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන තුනක් ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස, වැවෙහි ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ වැවට මුහුදු ජලය ඇතුළු කිරීමට සැලසුම් කර ඇත. දිගු කලක් තිස්සේ පවතින පාරිසරික ගැටලු විසඳමින්, නාගරික සුන්දරත්වය සහ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
















