මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පවතින විමර්ශනයකට අදාළව වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යොහාන් වික්‍රමසිංහ මහතා පොලිසිය විසින් පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ යොහාන් වික්‍රමසිංහ මහතා මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, 2025 පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් වත්තල මාටාගොඩ ආසනය සඳහා අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වී තිබුණි.
















