මෙරට ඉතිහාසයේ පළමු වරට වතු කම්කරු වැටුප වැඩිම ප්‍රමාණයකින් වැඩිකළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ නංවා ඇති බවයි. කිසිදු උද්ඝෝෂණයකින් හෝ වැඩ වර්ජනයකින් තොරව වතු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළ එකම ආණ්ඩුව මාලිමා ආණ්ඩුව බවත්, මේ වන විට වතුකරයේ ජනතාව ඉතා සතුටින් සිය රැකියාවේ නිරත වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















