මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී ගැටුම, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකක් අතර පැවති දීර්ඝකාලීන බල අරගලයක ප්‍රතිඵලයක් බවට තොරතුරු වාර්තා වේ. මෙම සිදුවීම පිටුපස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකු විසින් නිර්මාණය කරන ලදැයි කියන රැඳවියන්ගේ කණ්ඩායමක් සම්බන්ධ බවට සමාජ ජාල ඔස්සේ තොරතුරු හෙළි වෙමින් පවතී. අදාළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහෝදරයා මීට පෙර මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවය කර ඇති අතර, එම කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු විසින් රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ ඔත්තුකරුවන්ගේ කණ්ඩායමක් ගොඩනගා තිබූ බව පැවසේ. කාලයත් සමඟ මෙම කණ්ඩායම බන්ධනාගාරය තුළ ප්‍රබල බලයක් තහවුරු කර ගනිමින්, ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය ඇතිව සෙසු රැඳවියන් පාලනය කිරීමට උත්සාහ කර ඇති අතර, මෙම බල අරගලය පසුව ගැටුමක් දක්වා වර්ධනය වූ බව වාර්තා වේ.
















