මහනුවර සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය එන්ජිමක් ප්‍රවාහනය කරමින් තිබූ විශේෂ ලොරි රථයක් පේරාදෙණිය – පැණිදෙනිය මාර්ගයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ නායගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය වූ මෙම දුම්රිය එන්ජිම රැගත් රථය මාර්ගය මැද හදිසියේ නතර වීම නිසා එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට දැඩි බලපෑමක් සිදුව ඇති බව වාර්තා වේ. අදාළ රථය ඉවත් කර මාර්ගයේ අවහිරතාව දුරු කිරීමට සහ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අදාළ බලධාරීන් මේ වන විට කඩිනම් පියවර ගනිමින් සිටියි.
















