තංගල්ල පොලිස් වසමේ මාවැල්ල, ගල්බොක්ක මුහුදු තීරයේ ඊයේ (09) දහවල් කාලයේ සිදු වූ අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූ තරුණයා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය වූ අවස්ථාවේ ඔහු මිතුරන් පිරිසක් සමඟ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අතුරුදන් වූ තරුණයා සොයා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි මෙහෙයුමක් දියත් කර තිබේ. තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















