රත්නපුර, හකපුව පාර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් පස්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (09) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
වේ ගඟ ආශ්‍රිතව මෙම නීතිවිරෝධී මැණික් ගැරීමේ කටයුතු සිදුකරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30ත් 43ත් අතර පසුවන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















