කටුනායක, හීනටියන ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 236 මිලි ලීටර් 250ක් සමඟ සැකකරුවෙකු කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















