හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (10) පෙරවරු 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය සහ මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
















