ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත තවත් ලිපියක් යොමු කර තිබේ.
මෙම ලිපිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු 4ක් කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව නීතිඥ සංගමය විසින් පෙන්වා දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු පුරප්පාඩුව ඇති වූයේ 2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම යාමත් සමඟ බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
















