කොළඹ ගලදාරි හෝටලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කරමින් අද (10) දින සිට හෝටලයේ නාමය “Radisson Blu Hotel, Galadari Colombo” ලෙස නිල වශයෙන් වෙනස් කර තිබේ.
මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන ගලදාරි හෝටලය, තම නවීකරණ කටයුතු සඳහා පසුගිය 2023 වසරේදී ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd. සමඟ ගිවිසුමකට එළඹිණි. ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 33.5ක ආයෝජනයකි.
මෙම ගිවිසුම අනුව, හෝටලය නවීකරණය කිරීමෙන් අනතුරුව එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදු කරනු ලබන බව මීට පෙර නිවේදනය කර තිබුණි.
















