ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නාවික හමුදාපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවූ ප්රථම අවස්ථාව මෙය විය. එහිදී නව නාවික හමුදාපතිවරයාගේ පත්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පිරිනැමූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
















