රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වදින යුක්රේනය ශක්තිමත් කිරීමේ අරමුණින් නේටෝ (NATO) සංවිධානය විසින් ශ්‍රී ලංකා රු. ට්‍රිලියන 28.5ක් වටිනා අතිවිශාල ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ. එවැනි දැවැන්ත අගයක් ගන්නා බව වාර්තා වේ. ජාත්‍යන්තර ආරක්ෂක ක්ෂේත්‍රයේ මෙවැනි විශාල මූල්‍ය ආධාරයක් යුද කලාපයක් සඳහා වෙන් කිරීම පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී ඇත.
යුරෝපීය ආරක්ෂක ව්‍යුහය සුරැකීම සහ රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන මැඩපැවැත්වීම වෙනුවෙන් නේටෝ සංවිධානය මෙම අවදානම් සහගත තීරණය ගෙන ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම මූල්‍ය දායකත්වය හරහා යුක්රේනයට අතිනවීන ගුවන් ආරක්ෂක පද්ධති, මිසයිල තාක්ෂණය සහ යුධ මෙහෙයුම් සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
















