චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනේ තවත් විශාල ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, පළමු වරට නැවත භාවිත කළ හැකි රොකට්ටුවක් සාර්ථකව පෘථිවියට ගොඩබැස්වීමට සමත්ව ඇත. රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ජයග්‍රහණය චීනයේ අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමකි.
චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව (CASC) සඳහන් කරන පරිදි, දකුණු චීනයේ හයිනාන් ප්‍රදේශයෙන් අභ්‍යවකාශයට මුදා හරින ලද “ලෝං මාර්ච් 10B” (Long March 10B) රොකට්ටුව, සිකුරාදා (10) අලුයම 12.15ට සාර්ථක ලෙස නැවත ගොඩබස්වා ඇත. මෙම තාක්ෂණික දියුණුවත් සමඟ චීනය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැය වන පිරිවැය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමටත්, අභ්‍යවකාශ තරඟයේ තවදුරටත් ඉදිරියට ඒමටත් අපේක්ෂා කරයි.
















