ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන වජිර ගුණවර්ධන මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (10) සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
පරිපාලන ක්ෂේත්‍රයේ බහුවිධ අත්දැකීම් සහිත ගුණවර්ධන මහතා මීට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙස වසර 12ක් ද, ශ්‍රී ලංකා පොලීසියේ අධ්‍යක්ෂ (සිවිල් පරිපාලන) ලෙස වසර 09ක් ද ඉතා කාර්යක්ෂම සේවයක් ඉටු කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපනය ලබා ඇති ඒ මහතාගේ අත්දැකීම් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි උන්නතියට විශාල පිටුබලයක් වනු ඇත.
මෙම රාජකාරී භාරගැනීමේ අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සමන්ත සිල්වා, නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජිතානි අතුකෝරාල සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.
















