ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බටහිර ආරේ වේග රිද්ම ගායනයෙන් අමරණීය සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.අභාවප්‍රාප්ත වන විට 68 වන වියෙහි පසු වූ ඇය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය.
දේහය එදින උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර, රසික ජනතාවට ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම කාලය තුළ අවස්ථාව හිමිවේ.
“කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “කුමරාණනේ” සහ “යොවුන් සීන ලෝකේ” වැනි අතිශය ජනප්‍රිය ගීත ගණනාවක් හරහා දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් මරියසෙල් ගුණතිලක මහත්මියගේ වියෝව ලාංකීය කලා ක්ෂේත්‍රයට විශාල පාඩුවකි.
















