ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ලෝක මට්ටමේ සාර්ථක සෞඛ්‍ය පද්ධතියක් බවට පත් කිරීමට දශක සියයක කාලයක් අතිවිශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) සියවස් සංවත්සරය නිමිත්තෙන් මහජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත සෞඛ්‍ය පාගමනක් අද (10) උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර ශාලා පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම පාගමන, සෞඛ්‍ය වෘත්තිකයන්, ආදි විද්‍යාර්ථීන්, සිසුන් සහ විශාල ජන සහභාගීත්වයකින් යුතුව කිලෝ මීටර හතරක දුරක් ගමන් කරමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ළඟා විය. ගමන් මඟ පුරා සෞඛ්‍ය ප්‍රවර්ධන පණිවිඩ සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.පාගමන අතරතුර අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම පුහුණු ආයතනය වන අතර එහි දායකත්වය දකුණු හා අග්නිදිග ආසියානු කලාපයට මෙන්ම ජාත්‍යන්තරයට ද වැදගත් බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හෙද නිලධාරීන් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය මානව සම්පත ගොඩනැඟීමේ ප්‍රමුඛ කාර්යභාරය මෙම ආයතනය විසින් ඉටුකර ඇති බව ද ඔහු පැවසීය.1926 වර්ෂයේදී ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය මධ්‍යස්ථානය කළුතර ස්ථාපිත කිරීමේ ඓතිහාසික මූලාරම්භය සිහිපත් කරමින් මෙම පාගමන සංවිධානය කර තිබේ. සියවස් සැමරුම් උත්සව මාලාවේ තවත් අංගයක් ලෙස මෙම මස 30, 31 සහ අගෝස්තු 1 යන දිනවලදී සෞඛ්‍ය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















