ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ලැබුණු සියලුම දේශීය සහ විදේශීය පරිත්‍යාග මුදල් කිසිදු නීති විරෝධී ගිණුමකට බැර කර නොමැති බවත්, එම අරමුදල් භාණ්ඩාගාරයේ පාලනය යටතේ පවතින ගිණුම්වල අතිශය සුරක්ෂිතව සහ විනිවිදභාවයෙන් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් බිලියන 7.599ක් ලැබී ඇත.විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5ක් ලැබී ඇත.මෙම සියලු අරමුදල් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සලකා බලමින් ඉදිරියේදී යෙදවීමට කටයුතු යොදා ඇත.
සහන සැලසීමේ ප්‍රගතිය
එළවළු, මිරිස්, ලූනු සහ වී වගා හානි සඳහා දීමනා ලබාදීමේ කටයුතු ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත.
ජීවිත හානි, පූර්ණ දේපළ හානි සහ සත්ව ගොවිපළ හිමියන් සඳහා දීමනා මේ වන විටත් ලබා දී අවසන්.
විපතට පත් වූවන්ගේ සුළු හා ශුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා ද මූල්‍ය ආධාර ලබා දී ඇත.
ස්ථිර නිවාස අහිමි වූවන් සඳහා කුලී නිවාස දීමනා ලබා දී ඇති අතර, පහසුකම් නොමැති පිරිස් වෙනුවෙන් තාවකාලික නිවාස ව්‍යාපෘතියක් (Transitional Housing Project) ක්‍රියාත්මක වේ.
තාක්ෂණික හා පරිපාලනමය බාධක අවම කර සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීමට උපදෙස් ලබා දී ඇත.
ප්‍රකාශයට පත් කර ඇති “විස්තීරණ ආපදා තත්ත්වය” යනු ගැසට් නිවේදනයක් නොව ආපදා සහන සේවා චක්‍රලේඛයක් බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අනවසර ඉඩම් හෝ නායයෑම් අවදානම් කලාපවල පිහිටි නිවාසවලට අදාළ ගැටලු විසඳා නැවත පදිංචි කිරීම් සිදු කිරීම දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා කාලයක් ගතවන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
















