2026 යල කන්නයේ වී වගාව දිරිගැන්වීම සහ ගොවි ජනතාවගේ සුබසාධනය උදෙසා රුපියල් මිලියන 46,006ක ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා මෙම මුදල් වෙන් කර තිබේ.මෙම ව්‍යාපෘතිය යටතේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන එළඹෙන ජූලි 13 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
















