තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වළක්වා ගැනීම සඳහා දෙමාපියන් තම දරුවන් පිළිබඳ ඉතා විමසිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කළ යුතු බව පුනරුත්තාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය පවසයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුනරුත්තාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. අමිත් මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නිවැරදි ක්‍රමවේද ඔස්සේ පුනරුත්තාපනය කිරීම මගින් ඔවුන් යළි සමාජයට වැඩදායී පුරවැසියන් ලෙස එක් කර ගැනීමේ හැකියාව පවතින බවයි.
















