ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගුවන් හා වරාය ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවධානය යොමුව තිබේ.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර පැවති විශේෂ හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
දෙරට අතර පවතින ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීම.වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම.මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දෙරටේම සහයෝගීතාව ලබා ගැනීම.
















