මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කන්දේහේන ප්‍රාදේශීය රෝහල වසර ගණනාවක සිට වසා දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මෙම රෝහල වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් මීට වසර 15කට පමණ ඉහතදී වසා දමන ලදී.වාට්ටු, වෛද්‍ය සහ හෙද නේවාසිකාගාර, මෝචරියක් සහ සූතිකාගාරයකින් සමන්විත මෙම රෝහල් සංකීර්ණයේ දේපළ මේ වන විට දිරාපත් වෙමින් සහ සොරකම්වලට ලක්වෙමින් පවතී.
මාගලවත්ත, තැන්නේකුඹුර, කන්දේහේනවත්ත ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවට සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා දුෂ්කර මාර්ග ඔස්සේ සැතපුම් ගණනාවක් දුර ගෙවා වෙනත් රෝහල්වලට යාමට සිදුව තිබේ.
ප්‍රදේශයේ පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වීම සහ රෝගීන් ප්‍රවාහනය සඳහා අධික කුලී මුදලක් වැය කිරීමට සිදුවීම ජනතාවගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.අබලන් වූ රෝහල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර, වෛද්‍ය පහසුකම් ලබා දී රෝහල යළි ජනතා සේවයට විවෘත කරන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
















