තුර්කියට පනවා ඇති ඇමෙරිකානු සම්බාධක ඉවත් කර ගැනීම සහ ‘F-35’ වර්ගයේ නවීනතම ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව තුර්කි විදේශ අමාත්‍ය හාකන් ෆිදාන් (Hakan Fidan) මහතා ප්‍රකාශ කළේය. නේටෝ (NATO) සමුළුව සඳහා මේ සතියේ තුර්කියේ ඇන්කාරා නුවරට පැමිණි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද, රුසියානු ‘S-400’ මිසයිල ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීම හේතුවෙන් තුර්කියට පනවා තිබූ සම්බාධක ඉවත් කරන බව පසුගිය අඟහරුවාදා නිවේදනය කර තිබුණි. සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය සහ ඇන්කාරා යන දෙපාර්ශවයේම දේශපාලන කැමැත්ත පවතින බවත්, අදාළ අමාත්‍යවරුන් ඒ සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රුසියාවෙන් S-400 මිසයිල පද්ධතිය මිලදී ගැනීම නිසා 2020 වසරේදී ඇමෙරිකාව විසින් තුර්කිය CAATSA පනත යටතේ සම්බාධකවලට ලක් කළ අතර F-35 ප්‍රහාරක යානා වැඩසටහනෙන් ද ඔවුන්ව ඉවත් කරනු ලැබීය. කෙසේ වෙතත්, F-35 යානා ලබා ගැනීම සඳහා තුර්කිය සතු රුසියානු S-400 මිසයිල පද්ධතිය ගල්ෆ් කලාපයේ වෙනත් රටකට නැවත විකිණීමට තුර්කිය සූදානම් වන බව “හුරියෙට්” (Hurriyet) නමැති තුර්කි පුවත්පත අද (10) වාර්තා කර තිබේ. මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) මහතා සඳහන් කළේ, මෙය අතිශය සංවේදී කරුණක් වන අතර මේ සම්බන්ධයෙන් මොස්කව් පාලනය තුර්කිය සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටින බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















