යුරෝපා සංගමය (EU) විසින් යුක්රේනය වෙනුවෙන් වෙන් කර ඇති යුරෝ බිලියන 60ක දැවැන්ත ආරක්ෂක ණය මුදලින් කොටසක්, බ්‍රිතාන්‍ය සමාගම්වලින් ආයුධ මිලදී ගැනීම සඳහා භාවිත කිරීමට යුක්රේනයට අවසර දීමේ විශේෂ සැලසුමක් අවසන් අදියරට පැමිණ තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ බ්‍රිතාන්‍යය විසින් යුරෝපා සංගමයේ අරමුදල් වෙත ප්‍රවේශ වීම සඳහා පූර්ව ගාස්තු ගෙවිය යුතු නොවන අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගම් ලබාගන්නා ගිවිසුම්වල සැබෑ වටිනාකම මත පදනම්ව පමණක් ලන්ඩනය සිය දායකත්වය ලබා දෙනු ඇත. පැරිස් නුවර පැවැත්වෙන “Coalition of the Willing” සමුළුවේදී මේ පිළිබඳ නිල ප්‍රකාශය ලබන සඳුදා නිකුත් වීමට නියමිත අතර, මෙමඟින් යුරෝපීය ආරක්ෂක වියදම් ඉහළ යන පසුබිමක බ්‍රිතාන්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයට ද විශාල අත්වැලක් ලැබෙනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















