නැගෙනහිර යුක්රේනයේ ක්‍රැමටෝස්ක් (Kramatorsk) නගරයේ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ගුවන් බෝම්බ ප්‍රහාරවලින් නව යොවුන් වියේ පසුවන්නෙකු ඇතුළු සිවිල් වැසියන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නව දෙනෙකු තුවාල ලබා තිබේ. මේ අතර, යුක්රේන හමුදාව රුසියාවේ ඉන්ධන සැපයුම් මාර්ග ඉලක්ක කර ගනිමින් සිය ප්‍රහාර දැඩි කර ඇති අතර, අසොව් මුහුදේ (Sea of Azov) යාත්‍රා කරමින් තිබූ රුසියානු තෙල් නැව් (Tankers) 10කට සහ තවත් ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයකට සාර්ථකව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය පවසයි. ක්‍රිමියානු අර්ධද්වීපය වෙත රුසියානු හමුදාවලට අවශ්‍ය ඉන්ධන රැගෙන යන, ජාත්‍යන්තර සම්බාධක මඟහරිමින් ධාවනය වන රුසියාවේ ‘සෙවණැලි නැව් සමූහය’ (Shadow fleet) ඉලක්ක කර ගනිමින් යුක්රේනය මෙම නවතම යුද උපායමාර්ගික ප්‍රහාර දියත් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්














