අද (11) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ මගී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් එම යානය හදිසි ගොඩබෑමකට සූදානම් වන බව වාර්තා වේ.
TK-731 දරන A330 වර්ගයේ මෙම ගුවන් යානය මගීන් 246 දෙනෙකු සමඟ අද උදෑසන 7:07ට කටුනායකින් පිටත්ව ගොස් තිබුණි. කුරුල්ලා ගැටීම හේතුවෙන් ඇති වූ තත්ත්වය නිසා එම ගුවන් යානය මේ වන විට හලාවත ප්‍රදේශය ආශ්‍රිත අහසේ පහළින් පියාසර කරමින් පවතී. යානය ආරක්ෂිතව ගොඩබෑම සඳහා අවශ්‍ය ඉන්ධන දහනය කිරීමේ කටයුතුවල නිරතව සිටින බව වැඩිදුරටත් සඳහන් වේ
















