සයිබර් අවකාශය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන වක්‍රාකාර වංචාවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි.
එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා සඳහන් කළේ, පසුගිය මාසය තුළ පමණක් එවැනි වංචනික සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. අන්තර්ජාල පරිශීලකයින් නොමඟ යවමින් පෞද්ගලික දත්ත සහ මූල්‍යමය වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම වංචා සිදු කෙරෙන අතර, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සැකකටයුතු වෙබ් අඩවි, අසත්‍ය පණිවිඩ සහ අනවසර මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අන්තර්ජාල පරිශීලකයින් අතිශය විමසිලිමත් විය යුතු බවත්, පුද්ගලික දත්ත හුවමාරු කිරීමේදී ඉතා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අවධාරණය කරයි.
















