තමන්ව ඝාතනය කිරීමට හෝ ඝාතනය කිරීමට තැත් කිරීමට ඉරාන රජය පියවර ගතහොත්, ඉරානය මුළුමනින්ම විනාශ කර දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් ඉලක්ක කර එවැනි ප්‍රහාරයක් දියත් කිරීමට උත්සාහ කළහොත් ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාර එල්ල කිරීමට මිසයිල 1,000ක් මේ වන විටත් ඉරානය දෙසට එල්ල කර සූදානම් මට්ටමින් පවතින බවයි. මීට අමතරව තවත් මිසයිල දහස් ගණනක් සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ගය සඳහා අවශ්‍ය හමුදා නියෝග දැනටමත් ලබා දී ඇති බව පවසන ට්‍රම්ප්, ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට අමෙරිකානු හමුදාව සූදානමින් සිටින බව අවධාරණය කර ඇත.
















