දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ දුම්රිය මාර්ග පද්ධතියේ පේරාදෙණිය හන්දිය සහ පිළිමතලාව අතර කොටස අද (11) යළි ධාවනය සඳහා විවෘත කෙරිණි. කුණාටුවෙන් පසු මෙම මාර්ගයේ ධාවනය වූ පළමු දුම්රිය මෙය වේ.
මහනුවර දුම්රිය ස්ථානයේ සිට මහා මාර්ගය හරහා ප්‍රවාහනය කරන ලද දුම්රිය එන්ජිමක් සහ මැදිරි දෙකක් ඇතුළත් කර මෙම දුම්රිය ධාවනය සකස් කර තිබුණි.
මෙම විශේෂ ධාවනය සිදු කෙරුණේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ග කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ එම ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ අරමුණෙනි. දුම්රිය බලධාරීන් පවසන්නේ අඛණ්ඩව සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු හරහා ඉදිරි දිනවලදී සම්පූර්ණ දුම්රිය සේවය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
















