වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට වහාම කැඳවා තිබේ.
පසුගිය 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා නොදීම සහ එම අවසරය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත. අදාළ නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.
















