මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ කේප් වර්ඩ් (Cape Verde) කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක වොසින්හා (Vozinha) මහතාගේ ගෞරවය පිණිස නව මුහුදු සත්ත්ව විශේෂයක් නම් කිරීමට පියවර ගෙන තිබේ.
ස්පාඤ්ඤ පර්යේෂකයෙකු වන ජේසුස් ඕර්ටියා විසින් සොයා ගන්නා ලද මෙම නව සාගර මොලුස්කා (Marine mollusk) විශේෂයට ‘වොසින්හා’ ලෙස නම් තබා ඇත. මෙම සත්ත්වයා රතු පැහැති පෙනුමකින් යුත් මිලිමීටර් 04ක් පමණ වන ඉතා කුඩා මුහුදු ගොළුබෙල්ලෙකි. පර්යේෂකයා විසින් මෙම සත්ත්වයා හවානා, කියුබාව සහ ග්වාඩලූප් දූපත් ආශ්‍රිත කැරිබියන් මුහුදු ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
ඔවියෙඩෝ විශ්ව විද්‍යාලයේ සත්ත්ව ජීව විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජේසුස් ඕර්ටියා මහතා පාපන්දු ක්‍රීඩකයෙකුගේ නමින් මෙවැනි ජීවි විශේෂයක් නම් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2019 වසරේදී ද ඔහු විසින් සොයාගත් මුහුදු ගොළුබෙල්ලන් විශේෂයක් රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ හිටපු ගෝල රකින්නා වූ කීලර් නවාස් (Keylor Navas) මහතාගේ නමින් නම් කිරීමට කටයුතු කර තිබුණි.
















