බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින විසින් සිය පුත් හැරී කුමරු, ඔහුගේ බිරිඳ මේගන් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වසර හතරක කාලයකට පසු ප්‍රථම වතාවට මුණගැසී තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සුවිශේෂී හමුවීම සිදුව ඇත්තේ යුරෝපයේ මෙතෙක් අනාවරණය නොකළ ස්ථානයකය.
හැරී කුමරු බ්‍රිතාන්‍යයට පැමිණියේ තුවාල ලැබූ රණවිරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ‘ඉන්වික්ටස් ගේම්ස්’ ක්‍රීඩා උළෙලේ නිල කටයුත්තකට සහභාගී වීම සඳහායි. මුලින් ලැබුණු වාර්තා අනුව මේගන් මාකල් සහ ඔවුන්ගේ දරුවන් වන ආචි සහ ලිලිබෙට් මෙම සංචාරයට එක් නොවීමට සැලසුම් කර තිබුණේ බ්‍රිතාන්‍යය තුළ ඔවුන්ට ලැබෙන නිල පොලිස් ආරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙනි. කෙසේ වෙතත්, පසුව ඔවුන් ද හැරී කුමරු සමඟ එක්ව මෙම හමුවීමට සහභාගී වී තිබේ.















