එමිරේට්ස් ගුවන් සමාගම විසින් අගෝස්තු 8 වැනිදා සිට කොළඹ සහ ඩුබායි අතර සිය දෛනික A350 ගුවන් සේවා වාර ගණන දෙගුණ කිරීමට තීරණය කර තිබේ. දැනට මෙම ගුවන් මාර්ගයේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බෝයිං 777 ගුවන් යානය වෙනුවට එම ගුවන් වාර සඳහා නවීනතම A350 ගුවන් යානය හඳුන්වා දීමට නියමිතය. මෙම නව පියවර හරහා මගීන් හට එමිරේට්ස් ගුවන් සේවයේ නවතම පහසුකම් සහ ඉහළ ඉල්ලුමක් පවතින ප්‍රිමියම් ඉකොනොමි සේවාව ලබා ගැනීමට වැඩි අවස්ථාවක් හිමිවේ.
අලුතින් එක්වන දෙවැනි A350 ගුවන් සේවය දිනපතා ඩුබායි වේලාවෙන් 16:10ට පිටත්වී, ශ්‍රී ලංකා වේලාවෙන් 22:10ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වීමට නියමිතය. ආපසු ගමන් ගන්නා EK649 ගුවන් යානය කොළඹින් 02:55ට පිටත්වී ඩුබායි වෙත 05:50ට ළඟා වේ.
2-3-2 ආසන සැකැස්මකින් යුත් ප්‍රිමියම් ඉකොනොමි පන්තිය, ක්‍රීම් වර්ණ සම් ආසන, අඟල් 19.5ක පළල සහ අඟල් 40ක ආසන පරතරයකින් සමන්විතය. මගීන් සඳහා ප්‍රමුඛතා පුවත්වීම, විශේෂිත පිරික්සුම් කවුළු සහ කිලෝග්‍රෑම් 35ක ගමන් මලු දීමනාවක් හිමිවේ. එමෙන්ම, A350 ගුවන් යානා තුළ ඉතා ඉහළ ගුණාත්මක 4K සහ 4K HDR විනෝදාත්මක තිර, වේගවත් Wi-Fi පහසුකම් සහ වඩාත් ඉඩකඩ සහිත මැදිරි අන්තර්ගත වේ.
එමිරේට්ස් ගුවන් සමාගම දැනට කොළඹ බලා දෛනිකව ගුවන් ගමන් වාර හතරක් ක්‍රියාත්මක කරන අතර, නව වෙනස්කම් සමඟින් එම මාර්ගයේ මගීන්ට වඩාත් සුවපහසු සහ නවීනතම ගුවන් අත්දැකීමක් ලබාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කරයි.















