විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරියේදී රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතින බව සති අන්ත ‘අරුණ’ පුවත්පත උපුටා දක්වමින් වාර්තා වේ. පසුගිය සතියේ ගාල්ලේ පැවැති ප්‍රභූ විවාහ මංගල්‍ය උත්සවයකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා එකම මේසයක අසුන්ගෙන සිට ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා දීර්ඝ වේලාවක් රහස් සාකච්ඡාවක (සතරකන්මන්ත්‍රණයක) නිරත වී තිබේ.
එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විසින් “ඔබ ලබන වසරේ අගමැති වන බවට ආරංචියක් තිබෙනවා” යැයි විමසූ ප්‍රශ්නයට, අමාත්‍යවරයා සිනාසෙමින් “ඇයි ලබන අවුරුද්දේ, මේ අවුරුද්දේම පුළුවන්” යනුවෙන් සිනහමුසු මුහුණින් පිළිතුරු දී ඇත. මේ අතර, මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ද ඉදිරියේදී රජයේ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් අභ්‍යන්තර දේශපාලන සටනක් නිර්මාණය වනු ඇති බවට අනුමාන කරමින් සාකච්ඡා කර ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
















