OpenAI හි AI ආරක්ෂාව සම්බන්ධ කටයුතු කළ ප්රධාන සේවකයෙකු වූ David Robinson සමාගමෙන් ඉල්ලා අස්වී තිබේ. වසර තුනහමාරකට ආසන්න කාලයක් OpenAI හි සේවය කළ ඔහු, ප්රධාන AI model නිකුත් කිරීම් 12ක් සඳහා safety reports අධීක්ෂණය කිරීමට සහ සමාගමේ Preparedness Framework සකස් කිරීමට දායක වී ඇති බව වාර්තා වේ.
The Atlantic වෙත පළ කළ ලිපියකින් Robinson OpenAI ඇතුළු AI සමාගම් අනුගමනය කරන “iterative deployment” ප්රවේශය විවේචනය කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ AI පද්ධති වඩාත් බලවත් වන විට, පද්ධති නිකුත් කිරීමෙන් පසු ගැටලු හඳුනාගෙන ආරක්ෂක පියවර වැඩිදියුණු කරන trial-and-error ප්රවේශයක අසාර්ථකත්වයන්ගේ ප්රතිවිපාක වඩාත් බරපතළ විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් OpenAI පවසා ඇත්තේ තමන්ට ආරක්ෂිතව කළමනාකරණය කළ නොහැකි මට්ටමකට AI models වර්ධනය වීමට ඉඩ නොදෙන බවත්, අවශ්ය අවස්ථාවල training නතර කිරීම හෝ model නිකුත් කිරීම ප්රමාද කිරීම සිදුකරන බවත්ය.
















