ඉරානයට සම්බන්ධ තෙල් නැව් 20කට ආසන්න සංඛ්යාවක් ශ්රී ලංකාවේ නිරිතදිග වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් රැඳී සිටින බව The Wall Street Journal වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් සහ මෙරට මාධ්ය වාර්තා කර තිබේ. එම නැව් බොහෝමයක් ඉරාන බොරතෙල් චීනය වෙත ප්රවාහනය කිරීමෙන් පසු හිස්ව පවතින බව සඳහන් වේ.
ඇමරිකානු සම්බාධක සහ සමුද්රීය සීමා හේතුවෙන් එම නැව්වලට නැවත ඉරාන වරායන් වෙත ගමන් කිරීම දුෂ්කර වී ඇති අතර, ඇතැම් නැව්වල ආහාර, ඉන්ධන සහ පානීය ජලය වැනි අත්යවශ්ය සැපයුම් අඩුවෙමින් පවතින බව වාර්තා වේ. එම නැව්වලට සේවා සහ සැපයුම් ලබාදීම සම්බන්ධයෙන් ශ්රී ලාංකික සමාගම්ද ඇමරිකානු සම්බාධකවල අවදානම පිළිබඳ සැලකිලිමත් වන බව සඳහන්ය.
වාර්තා අනුව මෙම නැව් ශ්රී ලංකාවේ නාවික සැතපුම් 12ක භෞමික මුහුදු සීමාවෙන් පිටත පිහිටි ජාත්යන්තර මුහුදු ප්රදේශයක රැඳී සිටින අතර, ශ්රී ලංකා බලධාරීන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බව මීට පෙර සඳහන් කර තිබේ.
















